එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ වැඩිම කඩුළු දවාගත් පන්දු යවන්නන්ගේ ලැයිස්තුවේ යළි ප්‍රථම ස්ථානයට පැමිණීමට ඩිල්ෂාන් මධුසංඛ සමත්ව තිබේ.
ඒ, අද දිනයේ බංග්ලාදේශට එරෙහිව පැවැති තරගයේ දවාගත් කඩුළු 3ත් සමග ය.
ඒ අනුව මේ වන විට එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඩිල්ෂාන් දවාගෙන ඇති මුළු කඩුළු සංඛ්‍යාව 21කි.
එම ලැයිස්තුවේ දෙවැනි ස්ථානයේ රැදී සිටින ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ ඇඩම් සම්පා දවාගෙන ඇති කඩුළු සංඛ්‍යාව 19කි.
දකුණු අප්‍රිකානු කණ්ඩායමේ මාර්කෝ ජේසන් කඩුළු 17ක් දවාගෙන තෙවන ස්ථානයේ රැදී සිටියි.

