තෙල් සංස්ථා නිලධාරීන් කෝප් හමුවට

Spread the love

මේ සතිය තුළ රාජ්‍ය ආයතන කිහිපයක් පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුව හමුවට කැඳවීමට තීරණය කර තිබේ.

ඒ අනුව ලබන අද (07) ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ නිලධාරීන් කෝප් කමිටුව හමුවට කැඳවා ඇති බව පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

හෙට (08) ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ නිලධාරීන් කෝප් කමිටුව හමුවට කැඳවා ඇති අතර අනිද්දා (09)සබරගමුව විශ්වවිද්‍යාලයේ නිලධාරීන් කෝප් කමිටුව හමුවට කැඳවා තිබේ.

මීට අමතරව මේ සතිය තුළ රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව ද රැස්වීමට නියමිත බව පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව පැවසුවේය.

ඒ අනුව අධ්‍යාපන අමාත්‍යංශය, ජාතික ප්‍රජා ජල සම්පාදන දෙපාර්තමේන්තුව සහ සෞඛ්‍ය අමාත්‍යාංශය රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව වෙත කැඳවා තිබේ.

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest

0 Comments
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x