අම්පාර බණ්ඩාරදූවේ වෙඩි තැබීමක් අයෙක් මරුට

Spread the love

අම්පාර, බණ්ඩාරදූව, මායාදුන්න ප්‍රදේශයේ දී ඊයේ (06) රාත්‍රියේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

මෙම පුද්ගලයා නිවස පිටුපස දිය නමින් සිටිය දී කිසියම් පුද්ගලයෙක් මෙම වෙඩි තැබීම සිදුකර පළාගොස් ඇති බවයි පොලිසිය සඳහන් කළේය.

මෙම ඝාතනය කුඹුරු ඉඩමක් සම්බන්ධයෙන් ඇති වූ ආරවුලක් මත සිදුවූවක් බවයි පොලිසිය කරුණු අනාවරණය කරගෙන ඇත.

වෙඩි තැබීමෙන් ජීවිතක්ෂයට පත් වූ පුද්ගලයා වයස අවුරුදු 42ක මායාදුන්න, වැරන්කැටගොඩ ප්‍රදේශයේ පදිංචි අයෙකි.

මෙම අපරාධය සිදුකළ සැකකරු හඳුනාගෙන ඇති අතර, ඔහුව අත්අඩංගුවට ගැනීමට බණ්ඩාරදූව පොලීසිය විමර්ශන අරඹා තිබේ.

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest

0 Comments
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x