තරුණයෙක් සැකකටයුතු ලෙස මරුට

Spread the love

අවිස්සාවේල්ල, හුලද්දූව, ගැටහැත්ත ප්‍රදේශයේ නිවසක් තුළ සැකකටයුතු ලෙස මියගොස් සිටි තරුණයෙකුගේ මළ සිරුරක් සොයාගෙන තිබේ.

ඊයේ (06) ඒ පිළිබඳව අවිස්සාවේල්ල පොලිස් ස්ථානයට ලද තොරතුරකට අනුව විමර්ශන ආරම්භ කර ඇත.

මියගොස් ඇත්තේ, හුලද්දූව, ගැටහැත්ත ප්‍රදේශයේ පදිංචි 22 හැවිරිදි තරුණයෙකි.

එම තරුණයා දින කිහිපයකට පෙර මියගොස් ඇති බවට අනාවරණය වී ඇති බව පොලීසිය පවසයි.

එම මරණය සම්බන්ධයෙන් මහෙස්ත්‍රාත් පරීක්ෂණයක් සිදුකර පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකිරීම සඳහා මෘත ශරීරය අවිස්සාවේල්ල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් අවිස්සාවේල්ල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest

0 Comments
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x