පාසල් සිසුන් පිරිසක් අනතුරට ලක්වෙයි

Spread the love

කහතුඩුව පොල්ගස්ඕවිට මංසන්ධියේදී බස් රථයක් සහ සුඛෝපභෝගී වෑන් රථයක් එකිනෙක ගැටීමෙන් අනතුරක් සිදුව තිබේ.

මෙම අනතුරින් තුවාල ලැබූ පාසල් සිසුවියක් ඇතුළු 6 දෙනෙකු රෝහල්ගතකර ඇත.

මත්තේගොඩ දෙස සිට පැමිණි වෑන් රථය කොළඹ දෙසට හැරවීමට සූදානම් වීමේ දී කැස්බෑව දෙස සිට කොළඹ දෙසට අධික වේගයෙන් ගමන් ගත් පෞද්ගලික බස් රථයේ ගැටී මෙම අනතුර වී ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණ අනාවරණය වී ඇත.

අනතුරත් සමග බස් රථයේ රියදුරු සහ කොන්දොස්තරවරයා එම ස්ථානයෙන් පලාගොස් කහතුඩුව පොලිසිය වෙත භාරවී ඇත.

අනතුරින් තුවාල ලබා ඇත්තේ වෑන් රථයේ රියදුරු සහ එහි ගමන් ගත් පුද්ගලයෙකු, බස් රථයේ ගමන් ගත් පාසල් සිසුවියක සහ කාන්තාවන් තිදෙනෙකි.

අනතුරින් පසුව වෑන් රථයේ සිරවී සිටි පුද්ගලයෙකු ඉන් මුදාගැනීමට දැඩි පරිශ්‍රමයක් දැරීමට සිදුව ඇත.

වෑතර රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව බරපතළ තුවාල ලැබූ වෑන් රථයේ රියදුරු සහ වෑන් රථයේ ගමන්කළ අනෙක් පුද්ගලයා වැඩිදුර ප්‍රතිකාර සඳහා කළුබෝවිල රෝහලට ඇතුළත් කර තිබේ.

කහතුඩුව පොලීසිය අනතුර සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest

0 Comments
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x