ජාතික යෞවන ක්‍රීඩා උළෙල අද ඇරැඹේ

Spread the love

34 වැනි ජාතික යෞවන ක්‍රීඩා උළෙල අද (16 වැනිදා) ආරම්භ වේ.

අද සිට ලබන 19 වැනිදා දක්වා කොළඹ සුගතදාස ජාත්‍යන්තර ක්‍රීඩා සංකීර්ණයේදී ක්‍රීඩා උළෙල පැවැත්වේ.

දිවයිනේ සියලුම දිස්ත්‍රික්ක නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 3000 ක පිරිසක් ඒ සඳහා සහභාගී වීමට නියමිතව සිටිති.

ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශය, ජාතික තරුණ සේවා සභාව සහ ශ්‍රී ලංකා යෞවන සමාජ සම්මේලනය එක්ව සංවිධානය කරනු ලබන මෙම ක්‍රීඩා උළෙල වයස අවුරුදු 15 ත් 29 ත් අතර තරුණ තරුණියන් සඳහා වයස අවුරුදු 20 න් ඉහළ හා 20 න් පහළ ලෙස වයස් කාණ්ඩ 02 ක් යටතේ තරග පැවැත්වේ.

මෙම ක්‍රීඩා උළෙලේ මෙවර ඔලිම්පික් පහන දැල්වීම සයුරි ලක්ෂිමා මෙන්ඩිස් හා බී.ඒ.එස්.කේ. ඩයස් යන ක්‍රීඩක ක්‍රීඩිකාවෝ විසින් සිදු කරනු ලබති.

මෙම ක්‍රීඩා උළෙලේ තරග අංශ දෙකෙහි දක්ෂතම ක්‍රීඩික ක්‍රීඩිකාවන් සිව්දෙනාට රු. 250,000 බැගින්ද ශූරතාවය දිනාගනු ලබන දිස්ත්‍රික්කයට රු. 200,000 ක්ද, අනුශූරතාවයට රු. 150,000 ක්ද, තෙවන ස්ථානයට රු. 100,000 ක්ද බැගින් හා කුසලානය බැගින් ද පිරිනැමීමට නියමිතය. මෙහි තරග වාර්තාවන් සඳහා රු. 10,000 ක් බැගින් ද ජාතික තරග වාර්තාවක් සඳහා රු. 50,000 බැගින් ද, කණ්ඩායම් තරග ශූරතාවයට රු. 35,000 බැගින් ද, අනුශූරතාවයට රු. 30,000 බැගින් ද, තුන්වන ස්ථානයට රු 25,000 බැගින් ද පිරිනැමේ.

මෙම ක්‍රීඩා උළෙලේ සමාරම්භක උත්සවය අද (16 දා) ප.ව 3.00 ට ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්, ජාතික තරුණ සේවා සභාවේ තරුණ සේවා අධ්‍යක්ෂ ජනරාල්/සභාපති පසිඳු ගුණරත්න මහතාගේ සහභාගීත්වයෙන් පැවැත්වේ.

සමාප්ති උළෙල 19 දා ප.ව 3.00 ට ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාගේ ප්‍රධානත්වයෙන් හා මැති ඇමැතිවරුන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වේ.
ටී. අනිල් සිරිවර්ධන – වස්කඩුව

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest

0 Comments
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x