ප්‍රාදේශිය ලේකම්වරුන් නියෝජ්‍ය සුබසාධක කොමසාරිස්වරුන් ලෙස පත් කෙරේ

Spread the love

සුබසාධන ප්‍රතිලාභ පනතට අනුව එම පනතේ අරමුණු ක්‍රියාත්මක කිරීම සදහා සියලු දිස්ත්‍රික් ලේකම්වරුන්, අතිරේක සුබසාධක කොමසාරිස්වරුන් ලෙස පත් කිරිමට පියවර ගෙන තිබේ.

මුදල් ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අදාළ පත් කිරීම් සිදු කර ඇති අතර, සියලුම ප්‍රාදේශිය ලේකම්වරුන් නියෝජ්‍ය සුබසාධක කොමසාරිස්වරුන් ලෙස පත් කර ඇති බව වාර්තා වේ.

නොවැම්බර් මස පළමු දින සිට ක්‍රියාත්මක වන පරිදි අදාළ පත් කිරීම් සිදු කර ඇත.

2002 අංක 24 දරන සුබසාධක ප්‍රතිලාභ පනතේ වගන්තිවලට අනුව එකී පනතේ අරමුණු ක්‍රියාත්මක කිරීම සඳහා මෙම පත් කිරීම් සිදු කර ඇති බව වාර්තා වේ.

මෙම අතිරේක සුබසාධක කොමසාරිස්වරුන් හා නියෝජ්‍ය සුබසාධක කොමසාරිස්වරුන් සඳහා සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය විසින් රාජකාරි පැවරීම සිදු කරනු ඇත.

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest

0 Comments
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x