දිවයින පුරා පාසල් රැසක දරුවන්ගේ ජීවිත දැඩි අවධානමක.!

Spread the love

මේ වනවිට දිවයින පුරා පිහිටි පාසල්වල ගොඩනැගිලි 74ක් අවදානම් තත්ත්වයක පවතින බවට හඳුනාගෙන ඇතැයි අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත (15) දින පාර්ලිමේන්තුවේදී සදහන් කරයි.

පාසල් වල අබලන් ගොඩනැගිලි ඇත්නම් අවදානයෙන් පසුවන ලෙසත් එම ගොඩනැගිලි වලින් පාසල් සිසුන් ඉවත් කර ආරක්ෂාව සලසන ලෙසද විදුහල්පතිවරුන්ට දැනුම් දී ඇති බවද අධ්‍යාපන අමාත්‍යවරයා සදහන් කරයි.

කොළඹ තර්ස්ටන් විද්‍යාලයේ සහ තංගල්ල බාලිකා විද්‍යාලයේ තිබූ අබලන් ගොඩනැගිලි හඳුනාගෙන ඒවා ඉවත් කර නව ගොඩනැගිලි ඉදිකිරීම් කිරීම සිදුකෙරෙන බවද අමාත්‍යවරයා සදහන් කරයි.

2019 වසරේ සිට වසර 4ක් පුරාවට පාසල් ගොඩනැගිලි අලුත්වැඩියාව සහ නව ගොඩනැගිලි ඉදිකිරීම් සඳහා රජයෙන් ප්‍රත්පාදන ලබානොදීම හේතුවෙන් මෙම තත්ත්වය ඇතිවී තිබෙන බවද අමාත්‍යවරයා සදහන් කරයි.

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest

0 Comments
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x