ඔස්ට්‍රේලියාව ලෝක කිරුළ දිනයි.!

Spread the love

2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ (2023) ශූරතාව දිනාගැනීමට ඕස්ට්‍රේලියාව ඊයේ (19) සමත් විය.

නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගනය අතුරු සිදුරු නැතිව පිරී සිටි ඉන්දීය ප්‍රේක්ෂකයන් ලක්ෂ එකහමාරක් පමණ අවසන් මොහොතේ බලාපොරොත්තු බිඳ වැටී බලා සිටියේය.

තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායමේ සියලුම දෙනා පන්දු වාර 50 කදී ලකුණු 240කට දවා ගැනීමට ඔස්ට්‍රේලියානු කණ්ඩායම සමත් විය.

අනතුරුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි ඔස්ට්‍රේලියානු කණ්ඩායම පන්දුවාර 43කදී කඩුළු 04ක් පමණක් දැවී ලකුණු 241ක් ලබාගනිමින් ජයග්‍රහණය කිරීමට සමත් විය.

ඒ අනුව ඔස්ට්‍රේලියානු කණ්ඩායම ලෝක කුසලානය 06 වතාවක් ජයග්‍රහණය කළ අතර 1987, 1999, 2003, 2007, 2015, 2023 වර්ෂවලදී වේ.

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest

0 Comments
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x